රට පුරා අහඹු ලෙස ගත් ජෛවපටල සාම්පල 142න් 14කට ‘ඩෙල්ටා‘

රට පුරා අහඹු ලෙස ගත් ජෛවපටල සාම්පල 142න් 14කට ‘ඩෙල්ටා‘

කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මෙම ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය 142ක් පරික්ෂා කිරීමේදීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී .

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය, කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇති බව ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.