අවුරුද්දට ගම්බිම් බලා යන අයට විශේෂ නිවේදනයක්!

අවුරුද්දට ගම්බිම් බලා යන අයට විශේෂ නිවේදනයක්!

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයකර තිබේ.

අමාත්‍යවරයා පෙන්වාදෙන පරිදි එළඹෙන 15 වනදා සිට එම ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වන අතර මේ වන විට බස්රථ 3000ක් අමතරව එක්කර ඇති බවත් සඳහන් කළේය.

තවද කොළඹින් ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත් අප්‍රේල් 14 වන දින බස්රථ හිඟයක් ඇතිවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.