සිල්වෙස්ර් ජයකොඩි සහෝදරයාගේ `සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්‍රදර්ශනය 15 දින CMU ශාලාවේ දී

sivestor-jayakody

කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

`සිල්වෙස්ටර් මතක සේයා` නම් මෙම ජායාරූප දැක්මේ දී ජයකොඩි සහෝදරයාගේ කැමරා කාචයේ සටහන් වූ කම්කරු පීඩිතයන්ගේ වෙරවීරිය මෙන්ම ඛේදවාචකය ද පිළිබිඹු කරනු ඇත.

සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා බලා තම්පෝ සහෝදරයාගේ අභාවයනේ පසුව CMUබර කරට ගෙන කටයුතු කරමින් සිටි අවස්ථාවේ හදිසි අසනීප තත්ත්වයක් මත දැනට විවේකයෙකයෙක් කාලය ගත කරමින් සිටී.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image