පොලීසියට නීතිඥවරුන් 150 බඳවා ගැනීමට යයි

පොලීසියට නීතිඥවරුන් 150 බඳවා ගැනීමට යයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් පොලිස් දෙපාර්තමේන්තුව සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  නීතිඥයින් 150 දෙනෙකු බදවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2021.01.11 ) අධිකරණ අමාත්‍යාංශයේදි පැවති අතර එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතියි.

බදවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතය.