පසුගිය වසරේ හාම්පුතුන් 1700ට රතු නිවේදන යවලා 

පසුගිය වසරේ හාම්පුතුන් 1700ට රතු නිවේදන යවලා 
පසුගිය 2021 වසර තුළ පමණක් අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් ආයතන 8700කට එරෙහිව නිවේදන යොමු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.
 
එයින් 1700කට රතු නිවේදන නිකුත් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
 2021 වසරේ අර්ථසාධක අරමුදල් සම්බන්ධ නඩු 769ක් ගොනු කර ඇති අතර  එයින් 338ක්ම විසඳාලීමට හැකිවී ඇති බව වාර්තා වේ.
 
මේ වන විට අර්ථසාධක අරමුදල් සම්බන්ධ නඩු 9,000ක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ විභාග වෙමින් පවතින බව සඳහන්ය.
 
අර්ථසාධක අරමුදල් පනතේ සංශෝධනයට අනුව සේව්‍යයාට අරමුදල් ගෙවන ලෙස කරනු ලබන නියෝගයන්ට එරෙහිව රිට් ආඥාවක් ලබාගෙන ඉහළ අධිකරණයක් කරා යන්නේ නම් අදාළ සේව්‍යයා විසින් සේවකයාට ගෙවිය යුතු අර්ථසාධක අරමුදල කම්කරු  කොමසාරිස් ජෙනරාල්වරයා වෙත තැන්පත් කළ යුතුය.
 
 ඒ අනුව සේවකයාට ගෙවීමට සිදුවන මුදලට අධිභාරය හා පොලියද සමග එම මුදල සම්පූර්ණයෙන්ම හිමි වේ.
 
 පෙර පැවැති තත්ත්වය අනුව ඉහළ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට සිදු වී එහි තීන්දුව පැමිණීමෙන් පසු සේවකයාට අදාළ මුදල් ගෙවීමට හාම්පුතුන් විසින් කටයුතු කර තිබුණි.