රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිවේදනයක්!

රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිවේදනයක්!

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. 

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි ලබන සඳුදා (26) චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.  

එහි ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, මේ අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට සේවකයින්ට හැකියාව ලැබෙන බවයි.

සාරි ඇතුළු ඇඳුම්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය නිකුත් කරන  බව ද ඔහු ප්‍රකාශ කළේ ය. 

අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, රාජ්‍ය සේවකයින්ගේ කාර්යාලයීය ඇඳුම් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛයට මේ අනුව සංශෝධනය කරන බවයි.