ශ්‍රී ලංකාවෙන් කොවිඩ්- 19 තුරන් කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් - කෘතිය එළිදැක්වීම

ශ්‍රී ලංකාවෙන් කොවිඩ්- 19 තුරන් කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් - කෘතිය එළිදැක්වීම

ඉහත තේමාව යටතේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් තුරන් කිරීම උදෙසා විද්‍යාත්මක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම අප සංගමය විසින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවෙන් හැකි ඉක්මනින් කොවිඩ්- 19 වසංගතය තුරන් කළ යුතු බව පැහැදිලිය.

ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකට අදාල කරුණු ගොනු කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සම්පාදනය කළ කෘතිය එළිදැක්වීම 2021 ජනවාරි මස 20 වන දින සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එහිදී ප්‍රධාන දේශකයන් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා සහභාගීවීමට නියමිතය. මීට අමතරව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරිකයින් සහභාගීවීමට නියමිතය.