සිව් වැනි ආණ්ඩුවේ නීරෝගීබව වෙනුවෙන් බෝ නොවන රෝග හඳුනාගැනීමේ සායනය, ආයුර්වේද සායනය, විශේෂඥ වෛද්‍ය සේවය උපදේශන සේවා සහ සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රදර්ශනය නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 2023. ඔක්තෝබර් 20 සිකුරාදා පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදීන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වේ.
සිව්වැනි ආණ්ඩුව හෙවත් ජනමාධ්‍යය රට වෙනුවෙන් සහ මහජනතාවගේ නීරෝගීබව තහවුරු කිරීම වෙනුවෙන් අනගි සේවාවක් ඉටු කරයි. එම මෙහෙවර අගයනු වස් මාධ්‍යවේදීන්ගේ නීරෝගීබව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන PSSP සුව හමුව -“තෙවැනි ඇසට -සුවය සදමු” සායන මාලාවේ පලමුවැන්න මෙයයි. රෝගී වීමට පෙර රෝගී වීමට ඇති අවදානම හඳුනා ගැනීමත් , අවදානම් සාධක පෙන්වාදීමත් සිය ප්‍රමුඛ අරමුණ කරගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සංගමය එක්ව ශ්‍රී ලංකා ජාතික රෝහල, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෙසු ආයතන, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන වල පූර්ණ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එදින ලබාදෙන සේවා
පරීක්ෂාකරන සියලු පුද්ගලයින්ගේ නීරෝගීතාව ජීවිත කාලයටම තහවුරු කිරීම සඳහා ඔවුන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම රෝහලට යොමු කෙරේ.මෙසේ ඇරඹෙන PSSP සුව හමුව -“තෙවැනි ඇසට -සුවය සදමු” සායන මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් හා මෙහෙයවීමෙන් ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනයන්හි සහාය සහිතව ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ආයතන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙයි.
