රජයේ සේවකයෝ පඩි වැඩි කරන තුරු 20000ක් ඉල්ලති

රජයේ සේවකයෝ පඩි වැඩි කරන තුරු 20000ක් ඉල්ලති

ජීවන වියදම ඉහළ යෑම හමුවේ රාජ්‍ය අංශය පොදු ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය සමිති නායකයෙක් වැටුප් වැඩිවීමක් කරන තුරු විශේෂ දීමනාවක් ලබා දෙන ලෙස රජයට බල කර සිටි.

" වැටුප් වැඩි කරන තුරු අපි සියළු දෙනාගේ මුලික ඉල්ලීමක් අපිට 20000 ක විශේෂ දීමනාවක් අපිට අවශයි. ඒක අනිවාර්යෙන්ම කළ යුතුයි."

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාර්තු 2 වැනි බ්‍රහස්පතින්දා රජයෙන් එම ඉල්ලීම සිදු කළේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව කොළඹ දී කැදවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.

රාජ්‍ය සේවකයන් ලබා ගන්නා මාසික වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන තත්වයක් තුළ විශාල ලෙස බදු අයකිරීම් සහ බැංකු වලින් ලබා ගත් ණය මුදල් සදහා පොළිය ඉහළ දමන බවටත් ආණ්ඩුවට චෝදනා කළ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කළේ, සේවක ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතිරණය වන බවයි.

" අපි ඔක්කොම ඒකාබද්ධව දැවැන්ත ක්‍රියාමාර්ග දෙක තුනක්ම තෝරාගෙන තියනවා. ඒ ක්‍රියාමාර්ග වලට අපි අනිවාර්යෙන්ම යනවයි කියලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත්, රනිල් රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් බුරන බල්ලන්ටත් කියන්න කැමතියි. "

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින්ද මාර්තු 01වැනිදා රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල දියත් කර තිබුනේ රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන නව ආදායම් බදු පනත සංශෝධනය කරන ලෙස බල කරමිනි.