කටාරයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින්ට සිදුවෙන අකටයුතුකම් ගැන සුලමුල හෙලිවෙයි

කටාරයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින්ට සිදුවෙන අකටයුතුකම් ගැන සුලමුල හෙලිවෙයි

කටාර් රාජ්‍යයේ අදවනවිට විදේශික ගෘහ සේවිකාවන් 173,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර කොරෝනා වසංගතය හමුවේ ඔවුන් දැඩි අසරණභාවයකට මෙන්ම අසාධාරණව ශ්‍රම සූරාකෑමකට ලක්ව ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

එහිදී ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ කටාරයේ සේවක කරන විදේශික ගෘහ සේවිකාවන්ට සිය හාම්පුතුන්ගෙන් අතවර සිදුවෙන බවයි

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය කටාරයේ සේවය කරන ගෘහ සේවිකාවන් 150 දෙනෙකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගනිමින් මෙම තොරතුරු හෙළිකර තිබෙන අතර එහිදී පැහැදිලිව අනාවරණය වී ඇත්තේ කොරෝනා වසංගතය සමඟ දැඩි සේවා කොන්දේසි වලට යටත්ව ඔවුන්ට සේවය කිරීමට සිදුව ඇති බවයි.

කොරෝනා වසංගතයත් සමඟ නිවසේම කොටුවීම නිසා ඔවුන් මෙලෙස අතවරයන්ට මුහුණ දෙන බවට එම සාකච්ඡාවන්හිදී තොරතුරු අනාවරණය වී තිබෙන අතර කිසිම විට නිවාඩුවක් නොලැබෙන බවත් සිය ශ්‍රමය සූරාකෑමක් සිදුවෙන බවත් සම්මුඛ සාකච්ඡාවට ලක්කල ගෘහ සේවිකාවන්ගෙන් 85%ක් ම ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය නිවැසියන් විසින් බලහත්කාරයෙන්ම රඳවා ගෙන තිබෙන අතරම සිය මාසික වැටුප නිසියාකාරව නොගෙවන බවත් සමහර මාස වලදී වැටුප සම්පූර්ණයෙන්ම නොලැබෙන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

වැඩබිම