සෞඛ්‍ය අධ්‍යෂකවරයා පත්කිරීමට එරෙහිව අධිකරණය යනවා

සෞඛ්‍ය අධ්‍යෂකවරයා පත්කිරීමට එරෙහිව අධිකරණය යනවා

සෞඛ්‍ය අමාතයංශයේ අත්තනෝමතික තීරණ නිසා කොවිඩ් වසංගත වැඩිවී ඇති බවත්, කරනු ලබන පත්කිරීම් නිවැරිදි නොවන බවත් රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් යූ ටියුබ් චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටී.

එම හිමියන් වැඩිදුරටත් කියා සිටින්නේ, දැනට පත්කර තිබෙන වෛද්‍ය සේවා අධ්‍යෂක ජනරාල්වරයා නොසුදුස්සුකු බවත්, එයට වඩා සුදුසුකම් ඇති අය සිටියදී මෙම පත්කිරීම කර ඇති බවත්, එය නිවැරිදි කර ගැනීම සඳහා රාජ්‍ය සේවා හෙද සංගමය අධිකරණයේ පිහිට පතන බවත් සඳහන් කරයි. මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීමට ඉන්නා එකම පුද්ගලයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බවත් උන් වහන්සේ පවසන ලදි. මෙම අර්බුදය දැනට පත්කර සිටින අධ්‍යක්ෂකවරයාගේ ප්‍රශ්නයක් නොව එම පත්කිරීමට යෝජනා කර ඇති අයගේ ප්‍රශ්ණයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ රෝහල් වල සේවය කරන හෙද නිලධාරින්ගේ ඇතිවී ඇති තත්ත්වයත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යැවුවත් යවා ඇති එක් ලිපියකටවත් දැන් සිටින සෞඛ්‍ය ලේකම්වරයා පිළීතුරක් හෝ එවා නොමැති බවත් ප්‍රකාශ කල අතර, දැන් ඇති වී ඇති කොවිඩ් වසංගතයේ ඇත්ත තොරතුරු වසං කරන බවත් වැඩිදරටත් සඳහන් කරන ලදි.

එම විඩීයෝව අන්තර් ජාලයේ “Truth with Chamudith“ යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැක.

වැඩබිම