රෝහල් තුල ක්ෂණික ප්‍රතිදේහ කිරීමේ අරමුණ සමහර අධ්‍යක්ෂක වරු දන්නේ නෑ -

රෝහල් තුල ක්ෂණික ප්‍රතිදේහ කිරීමේ අරමුණ සමහර අධ්‍යක්ෂකවරු නොදන්නා බව වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සම්බන්ධීකාරක රවි කුමුදේශ් මහතා පෙන්වා දෙයි.
 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කරන්නේ,

රෝහලක වාට්ටු තුල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න ඉඩ හැරලා, සමහර අධ්‍යක්ෂක වරු විශාල වරදක් කරනවා. එහෙම කරන්නේ ඒ වෙණුවෙන් වෙනම වැඩ පිළිවෙලක් හදා ගන්න බැරි අලස, අදක්ෂ අධ්‍යක්ෂක වරු කිහිප දෙනෙක්.  ඒ රෝහල්වල පරීක්ෂණය කරණකොට රෝගියා බොහෝ තැන්වල සැරිසරලා රෝගය බෝ කරලා ඉවරයි.
 
50%ක්වත් නිවැරදි නැති, ක්ෂණික  ප්‍රතිදේහ පරීක්ෂණයෙන් ප්‍රතිඵල ගැනීමට, රෝගියා රෝහලට ඇතුළුවන තැනදීම පරීක්ෂාවට ලක් කල යුතුයි.  
 
වෛරස් ගනත්වය ඉතා වැඩි, රෝගය බෝ කිරීමේ විශාලතම හැකියාවක් තියන අයව පමණක් හදුනා ගන්න ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ, තැන තැන්වල අවිද්දවලා හදුනා ගැනීම වැරදි ක්‍රියාවක්.  
 
ඒ ක්‍රමය අමාත්‍යාංශය මාර්ගෝපදේශ වලට පවා එකග නැති වුණත්, රෝහල් වල වෙනදේ පාළණය කරන්න අමාත්‍යාංශයටත් බැරිවෙලා තියනවා.  
 
අපි ඉල්ලන්නේ රෝහලේ රෝගීන් ඇතුළුවන ස්ථානයට යාබදව හෝ කොවිඩ් ලක්ෂණ තියන රෝගීන් ඇතුළු කරගන්න වෙනම ස්ථානයක් වෙන් කරලා ඒ ස්ථානය යාබවදව මේ පරීක්ෂණය කරන්න පහසුකම් සලසන්න කියලයි. එහෙම නැතුව තැන්වල මේක කරන එක බොරු මුදල නාස්තියක් සහ ආරක්ෂාව පිළිබද ව්‍යාජ මානසික තත්වයක් හදා ගැනීමක් විතරයි.වන බවයි.