වනජීවී නිලධාරීහු යළි වර්ජනයකට අර අදියි

වනජීවී නිලධාරීහු යළි වර්ජනයකට අර අදියි
ඒකාබද්ධ වනජිවි නිලධාරි අද (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයකට අවතීරණය වීමට තීරණයකර තිබේ.
 
මේ සමබ්න්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනිතිත කටයුතු සිදු කිරිමට විරෝධය දක්වමින් මෙම සංකේත වැඩ වර්ජනය දියත්කර බවයි.
 
පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනිතිත කටයුතු සිදු කිරිම සදහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා  මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටිය නමුත් නිසි විසඳුමක් නොලැබුනු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
 
ඒ නිසා (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹි ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතුකරන බව ඒ මහතා  පැවසීය.
 
කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා. ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා එතෙක් සංකේත වැඩ වර්ජනය සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කළේය.
 

වැඩබිම