“සුවසැරිය“ වෘත්තීය සමිති මර්ධනය පිටුපස කොළඹ දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රීවරයෙක්

“සුවසැරිය“ වෘත්තීය සමිති මර්ධනය පිටුපස කොළඹ දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රීවරයෙක්

 

“සුවසැරිය“ වෘත්තිය සමිති ක්‍රියාකරීන් මර්ධනය කිරීම පිළිබව වැඩකරන ජන බලය යොමු කරන ලද ලිපයකට අනූව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවතින ගැටළු සහගත තත්ත්වය පිළිබදව සාකච්ඡා කර ඇත.

එහිදී හෙලිදරව් වූ කරුණු වලට අනූව, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී “සුවසැරිය“ ක්‍රියාත්මක කිරීමට උරදුන් එම මන්ත්‍රීවරයා, අදාළ සේවක මර්ධනය පිළිබදව අත නොගසන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත කිහිපවතාවක්ම ආයාචනය කර ඇති බව හෙලිදරව් වූ බව එම සංවිධානය පවසයි.

විපක්ෂය පාර්ලිමේන්තු කාලය පරිහරණය කරමින් එම මන්ත්‍රීවරයා අවස්ථා දෙකකදීම මෙලෙස වෘත්තීය සමිති මර්ධනය සදහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම තම සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව, එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ නමුත්, සතියක් ඇතුලත එම මර්ධනකාරී වැඩපිළිවෙළ අත්හිටුවා, වැඩ තහනම් කල වෘත්තීය සමිති ක්‍රියාධරයින් නැවත සේවයේ පිහිටුවීම සිදු නොකලහොත් ඒ පිළිබදව තම සංවිධානය ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිළි කරන බවත්, ඒකාබද්ධ විරෝධතාවයක් ආරම්භ කරන බවත් “වැඩකරන ජනබලය“ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

ආණ්ඩුව හා විපක්ෂය එක්ව වෘත්තීය සමිති මර්ධනය කරමින්, සුවසැරිය සේවකයින් බරපතල අසාධාරණයකට ලක් කර ඇති බවත්, විපක්ෂයේ එම මන්ත්‍රීවරයා ඔහුගේ දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම සදහා විපක්ෂයේ කාරභාරය මෙන්ම, ඔහුට පාර්ලිමේතුවට පැමිණීමට පාර කැපූ “සුවසැරිය“ කාර්ය මණ්ඩලයේ කැපවීම වෙනුවට, සුදුසුකම් කිසිවක් නොමැතිව විශාල වැටුප් ලබමින් සිටින සිල්වලා කිහිපදෙනකු ආරක්ෂා කිරීමට කැපවීම බරපතල තත්ත්වයක් බවත්, ඒ පිළිබදව විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතාගෙන් පැහැදිලිය ප්‍රකාශයක් තම සංවිධානය අපේක්ෂා කරන බව, ඒ මහතා වැඩිදුරටත් පැවසීය