අභ්‍යාසලාභී උපාධිධාරින්ගෙන් අද ජාතික විරෝධතා උද්ඝෝෂණක්

අභ්‍යාසලාභී උපාධිධාරින්ගෙන් අද ජාතික විරෝධතා උද්ඝෝෂණක්

2019 වසරේදී රාජ්‍ය සේවයට බදවාගත් උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව අවසන් කර මාස 04ක් ගත වුවද තවමත් ස්ථිර නොකිරීමට එරෙහිව අද දින පෙරවරු 10.00ට රට පුරා දිස්ත්‍රික් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වෙන බව ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය නිවේදයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව අද දින පහත සඳහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට තම උද්ඝෝෂණ පැවැත්වෙන බවත්, පුහුණුව අවසන් කරදින සිට තම ස්ථිර කිරීමේ පත්විම් ලිපි ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම උද්ඝෝෂණය දියත් කරන බවත් එම නිවේදනයේ වැඩිුරටත් සඳහන්වේ.

01. කොළඹ - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
02. කලුතර - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
03. ගම්පහ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
04. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
05. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට
06. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
07. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
08. නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
09. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
10. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
11. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
12. මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
13. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
14. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
15. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල
16. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල