ප්‍රොටෙක්ට් සංගමයෙන් පීඩාවට පත්වූ ගෘහස්ථ සේවක කම්කරුවන්ට සහන

ප්‍රොටෙක්ට් සංගමයෙන් පීඩාවට පත්වූ ගෘහස්ථ සේවක කම්කරුවන්ට සහන

ප්‍රොටෙක්ට් සංගමය විසින් COVID 19 වසන්ගතය හමුවේ ව්විධාකාරයේ දුෂ්කරතා සහ ගැටලු රැසකින් පීඩාවට පත් ගෘහස්ථ සේවක කම්කරුවන් වෙනුවෙන් ආධාර වැඩසටහනක් පවත්වන ලදී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය ඇතිව සිදු කරන ලද මෙම ආධාර වැඩසටහන දෙසැම්බර් මස පළමු වැනිදා සිට 25 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී කොළඹ, හැටන් සහ ලක්ෂපාන ප්‍රදේශ වල ගෘහස්ථ සේවක කම්කරුවන් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වූ අතර සංගමයේ ගෘහස්ථ සේවක සමාජිකයින් 400කට ආසන්න පිරිසකට මෙම ආධාර ලබා දෙනු ලැබීය. මෙම ආධාර වැඩසටහන යටතේ රුපියල් 5000ක වියළි ආහාර දීමනාවක්, මුඛ ආවරණ, විෂබීජනාශක දියර සහ අත්වැසුම් ලබා දෙන ලදී.

මීට අමතරව COVID 19 වසන්ගතය හමුවේ ගෘහස්ථ සේවක කම්කරුවන්ගේ තත්ත්වය පිළිබඳවත්, ගෘහස්ථ සේවක කම්කරුවන්ගේ හාම්පුතුන්ගේ තත්ත්වය හා අදහස් පිළිබඳවත් සමීක්ෂණයක් කොළඹ, හැටන් ලක්ෂපාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්  පවත්වන ලදී. මෙම සමීක්ෂණ වල සංෂිප්ත වාර්තාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන අතර එය පාදක කරගනිමින් ගෘහස්ථ සේවක කම්කරුවන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව රජයේ බලධාරීන් සමග පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
මන්ද මාස 9ක කාලයක් තිස්සේ බහුතරයක් ගෘහස්ථ සේවක කම්කරුවන් තම රැකියා අහිමිව සහ ජීවිතය අවදානමට ලක්ව ආර්ථිකමය වශයෙන් සහ සමාජීය වශයෙන් අර්බුධයන් රැසකට මුහුණ දෙමින් සිටී. හෙට දවසේ ජීවත්වීම පිළිබඳව අවිනිශ්චිතව සිටින දහස් ගණනක ගෘහස්ථ සේවක කම්කරුවන් වෙනුවෙන් රජය විසින් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැත.  එසේම අවිධිමත් අංශයේ කම්කරුවන් වන මෙම ගෘහස්ථ කම්කරුවන් සඳහා වන නිශ්චිත සමාජාරක්ෂණ වැඩපිළිවෙලක් සකස්කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳවද කම්කරු දෙපාර්තමේන්තුව සහ රජය සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වේ.


කල්ප මධුරංග
ප්‍රොටෙක්ට් සංගමය  

IMG 20201207 WA0014

IMG 20201203 WA0001

20201208 085324