2020 ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස-සිදුවීම් සහ ප්‍රවණතා' වාර්තාව එළිදැක්වීම

2020 ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස-සිදුවීම් සහ ප්‍රවණතා' වාර්තාව එළිදැක්වීම

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද '2020 ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස-සිදුවීම් සහ ප්‍රවණතා' වාර්තාව, මැයි 03 දිනට යෙදි ඇති 'ලෝක ජනමාධ්‍ය නිදහස් දින' හඳුන්වා දීමට නියමිත බව නිවේනදයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මෙම වාර්තාව මඟින්  2020 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ  මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම කෙරෙහි බලපෑ සිදුවීම හා ප්‍රවණතා හඳුනා  ගැනීම සහ ඉදිරියේදි මාධ්‍ය නිදහස පිළිබඳ අයිතිය ආරක්ෂා කර ගැනීම පිණිස වඩාත් විධිමත් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රය නිරික්ෂණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාවක් ඇතුළත් බවත්, දැනට දිවයිනේ පවතින කෝවිඩ් -19 වසංගත තත්ත්වය නිසා  අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම කතිකාවට අදාල අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

2021 මැයි 03 දින සවස 4.00 - 6.00 දක්වා අන්තර්ජාල සම්බන්ධතාව - https://meet.jit.si /FMM_World_Media_Freedom_Day_2021 මගින් සම්බන්ධ වීය හැකි බව වැඩිදුරටත් සඳහන් කර ඇත.