පුහුණුව අවසන් සංවර්ධන නිලධාරින් ස්ථිර කරන ලෙස ඉල්ලයි

පුහුණුව අවසන් සංවර්ධන නිලධාරින් ස්ථිර කරන ලෙස ඉල්ලයි

පුහුණුව වසර අවසන්ව මාස 05ක් ගතව ඇති 2019. 08. 01 දින අදියර සස වශයෙන් හා 2019. 09. 16 දින අදියර සසස වශයෙන් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් ස්ථිර නොකිරීම සම්බන්ධව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අමාත්‍යවරයා වෙත ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ සභාපතිවරයා විසින් ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එම පත්වීම් කඩිනමින් ස්ථිර කර දෙන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

වසරක පුහුණුවවකට යටත්ව 2019 වසරේ බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධීධාරින්ගේ පුහුණුව මේ වන විට වසරක අවසන්ව මාස 05ක් ඉක්වමින් පවතී. නමුත් ස්ථිර කිරීමට අදාළව දිනයක් මෙතෙක් ප්‍රකාශ කොට නැත. මේ පිළීබඳව සාකච්ඡා කිරීමට ඔබතුමාගෙන් අවස්ථා කිහිපයක් ඉල්ලා සිටියද මෙකේ ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැත. මීට අවස්ථා ගණනාවකව ලේකම්තුමා හමුව වාචිකව මෙන්ම ලිඛිතව ද මේ පිළිබඳව දැන්වත් කරන ලදි.

මේ වන විට දකුණ හා සබරගමු පළාත් සම්මුඛ පරික්ෂණ පවත්වා අවසන් අතර, මධ්‍යම පළාතේ සම්මුඛ පර්ක්ෂණ මෙම සිතිය තුළ පවත්වන බවට දැනුම් දී ඇත.
මෙම අභ්‍යාසලාභීන් කොරෝනා වසංගත කාලයේ පවා අඛණ්ඩව රාජකාරි කටයුතු කරන අතර වසම්වල පවා කිසිඳු අමතර දීමනාවක් ලබානොගෙනම රාජකාරි කරමින් සිටී. 04/2013 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය අනුව ලැබිය යුතු ප්‍රසත නිවාඩු ආදී නිවාඩු පවා අහිමි කර ඇත.