වෙළඳ කලාපයේ සේවකයින්ගේ අයිතිය තහවුරු කිරීමට නියෝජිත සමුළුවක්

වෙළඳ කලාපයේ සේවකයින්ගේ අයිතිය තහවුරු කිරීමට නියෝජිත සමුළුවක්

වෙළඳ කලාප සේවකයින්ගේ අයිතිය වෙනුවෙන් සහ සටන්කාමී නායකත්වයක්, සංවිධානාත්මක බලවේගයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගත් නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ එකතුව වන අන්තර් සමාගම් සේවක සංගමයේ වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිත සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම රැස්වීම ජනවාරි මස 21 වන දින උදේ 10 ට සීදුව දිනිඳු ගාර්ඩ්න් ශාලාවේදී පැවැත්වේ. මෙම නියෝජිත මහා සමුළුව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා හා වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.