නැගෙනහිර පර්යන්තයට ඉන්දියානු මැදිහත්වීමක් වුවහොත් ඇමරිකා හා චීන බල අරගලයේ අවසානාවන්ත පාර්ශවකරුවා වීමට අප මාතෘ භූමියට සිදුවනු ඇත

නැගෙනහිර පර්යන්තයට ඉන්දියානු මැදිහත්වීමක් වුවහොත් ඇමරිකා හා චීන බල අරගලයේ අවසානාවන්ත පාර්ශවකරුවා වීමට අප මාතෘ භූමියට සිදුවනු ඇත

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීම

ගෞරවණිය ස්වාමින්වහන්ස, පූජකතුමනි, කුරුක්කල්තුමනී, දේශපාලන පක්ෂ නායකතුමනි, වෘත්තීය සමිති නායකයාණෙනි, මහත්මයාණෙනි, මහත්මියනි, සහොදර සහෝදරිය
වරාය කොමිෂන් සභාව නැව් බඩු සංයුක්ත මණ්ඩලය සැසදුම් හා ආරක්ෂක සේවා සභාව යන ආයතන ත්‍රිත්වය ඒකාබද්ධ කර, 1979 අංක 15 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරි පනතින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා වරයා අධිකාරිය, ශ්‍රී ලංකා රජය හා අප රට සතු අති දැවැන්තම රාජ්‍ය ව්‍යවසායයි.

එවකට ත්‍රීකුණාමලය, ගාල්ල, කන්කසන්තුරය, පේදුරුතුඩුව සහ කොළඹ යන වරායන් පහ(05) එම පනත මගින් ආවරණය වී තිබුණ අතර, පසු කාළීනව ඔලුවිල් සහ හම්බන්තොට වරායන්ද එක්විය.

එහෙත්, අද වනවිට දේශපාලන වශයෙන් ගනු ලැබු අවස්ථාවාදී වුත්, අමනෝඥ වූත්, අදුරදර්ශී වූ තීරණ හේතුකොට ඔලුවිල්, පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ යන වරායන් පූර්ණ ලෙස අකර්මන්‍ය කර ඇති අතර, ගාල්ල හා ත්‍රිකුණාමල වරායන් ද අද වනවිට අවම ක්‍රියාකාරී මට්ටමක පවතී. හම්බන්තොට වරායද ආයෝජන මුවාවෙන් සිදුකළ විනාශකාරී වැඩපිළිවෙල හරහා අප මාතෘ භූමියට අහිම ව ඇත. ඒ අනුව බලූ මෙහෙයුම් වරායක් ලෙස දැනට අප මාතෘ භූමියට (ශ්‍රී ලංකා වරාය අධිකාරියට) බතිරිව ඇත්තේ මේ වන විටත් උපරිම මෙහෙයුම් ධාරිතාව ඉක්මවා ඇති සහ ගැඹුරින් අඩු කොළඹ වරායේ ජය බහලු පර්යන්තය පමණි.

දකුණු අසියාවේ මුල්ම බහලු මෙහෙයුම් සිදුකළ රට බවට ඉතිහාසයට එක්වන අප මාතෘ භූමිය 1883 ආරම්භ කරන ජය බහලු පර්යන්තය අදියර 4ක් ලෙස සංවර්ධනය කර, 1996 වර්ෂය වන විට බහලු මෙහෙයුම් වරායක් ලෙස ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් වරාය හා රට බවට පත්විය.

ජයබහලු පර්යන්තය සමග (Jaya Container Terminal ) සමඟ බහලු පර්යන්තය (Unity Container Terminal) (UCT) වශයෙන් ශ්‍රි ලංකා වරයා අධිකාරියට අයත් පර්යන්ත දෙකක්(02) පවතින අතර, 1999 වසරේ සිට දකුණු ආසියානු මුවදොර පර්යන්තය (South Asia Gateway Terminal) (SAGT ) ද, 2013 වසරේ සිට ජාත්‍යන්තර බහලු පර්යන්තය (Colombo International Container Terminal) (CICT) ද යන පුද්ගලික පර්යන්ත දෙක කොළඹ වරාය තුළ බහලු මෙහෙයුම් ක්‍රියාවළියට එකතු වීමෙන්ථ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය පමණක් ප්‍රමුඛ කොට සිදුකරනු ලැබූ බහලු මෙහෙයුම් ක්‍රියාවළියට සදුවූයේ අවාසි සහගත වූ වෙළෙඳ තරඟකාරිත්වයකි.

අද වන විට ශ්‍රී ලංකා වරයා අධිකාරිය සතු බහලු පර්යන්තයේ මෙහෙයුම් සිදුකළ හැකි වන්නේ ගැඹුර මීටර් 14.25ට අඩු කෞකා පමණක් බැවින්, බහලු මෙහෙයුම් ක්‍රියාවළිය සඳහා අනාගතයේද ශක්තිමත්ව මුහුණදීමට නම්, ගැඹුර මීටර් 18ක ජැටියක් වැඩි පර්යන්ත තුනෙන් එකක් වූ, දැනට මීටර් 440ත පර්යන්ත කොටස සහ මීටර් 660ක ජැටියක් ලෙස සංවර්ධනය කර ඇති නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරිත්වය යටතේ ම ක්‍රියාත්මක කළ යුතුව ඇත. එවිට ලෝකයේ මෙතෙක් නිෂ්පාදිත විශාලතම බහලු නෞකාවන් සඳහාද සේවය ලබාදිය හැකිය. එවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියට යාබද පුද්ගලික පර්යක් දෙකෙන් ඇති වී ඇති වෙළඳතරඟකාරිත්වයට මෙන්ම, දකුණු ආසියානු රටවල් වෙතින් බහලු මෙහෙයුම් ක්‍රියාකාරිත්වට ඇතිවී ඇති වෙළඳ තරඟකාරිත්වට නිසි පිළිතුරක් වනු ඇත. අද වන විට නැගෙනහිර පර්යන්තය ග්‍රැන්ට්‍රි දොඹකර 3ක් සහ ජංගම දොඹකර 12ක් යොදවමින් ශ්‍රී ලංකා වරයා අධිකාරිය යටතේම ක්‍රියාත්මක කරන අතර, එය ජාතික ආර්ථිකයට මහත් ශක්තියක් වෙමින් පවති. තවද අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මේ වනවිටත් රුපියල් මිලියන 13,726ක් ශ්‍ර ීලංකා වරාය අධිකාරියේ වාර්ෂික අයවැය මගින් වෙන්කර තිබියදී, එය නොසලකා හිරිමින්, ඇමරිකන් ඩොලර් මිලියන 700ක විදේශ ආයෝජන, නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සඳහා අවශ්‍ය බවට ප්‍රකාශ කරමින්, ආයෝජකයන් කැඳවීමට වර්තමාන වරාය අමාත්‍යවරයා විසින් ක්‍රම විරෝධීව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන අතර, අවසන් තීරණය ලබාදීම සඳහා රජය විසින් කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇත.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා සැබෑ ලෙසම අවශ්‍ය වන්නේ ඇ. ඩො. මිලියන 500ක් පමණි. එම මුදලද දැනට සංවර්ධනය කර ඇත නැගෙනහිර පර්යන්තයෙන් ලැබෙන මෙහෙයුම් ආදායම මගින් සිදුකළ හැකිය. තවද, නැගෙනහිර පර්යන්තය තවදුරටත් සංවර්ධනය කිරීමට හා මෙහෙයුම් කිරීමට අවශ්‍ය මුල්‍ය හා ප්‍රාග්ධන ශක්තිය ද, න්‍යායික සහ ප්‍රාෙයා්ගික දැනුම ද සහිතත මානව සම්පත ද වරාය අධිකාරිය සතුය.

මේ ආකාරයට නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වයෙන් සහ කළමණාකාර්තවයෙන් සිදුකිරීම මගින්, 2021 වර්ෂයේ සිට වාර්ෂිකව ඇ.ඩො. මි. 50ක් (රුපියල් මිලියන 9000ක)ද, 2025 වර්ෂයේ සිට ඇ.ඩො.මි. 100ක් (රුපියල් මිලියන 18,000ක්)ද 2027 වනවිට වාර්ෂිකව ඇ.ඩො. මිලියන 200ක් (රුපියල්මිලියන 36,000ක්) ද ජාතික ආර්ථිකයට ලබාදිය හැකි වනු ඇත.

තවද මෙහි ඇති සුවිශේෂී කාර්ය වන්නේ පුද්ගලික සමාගමක වන දකුණු ආසියා මුවදොර පර්යන්තය (South Asia Gateway Terminal ) සහ ශ්‍රී ලංකා වරාය අධීකාරිය අතර ද්විපාර්ශිවික ගිවිසුම, 2029 වර්ෂයේ අවසන් වීමත් සමත එම පර්යන්තය සහ ඊට යාබද නැගෙනහිර පර්යන්තය එක් කොට ඇති තනි පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක කිරිමෙන් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 500කට වැඩි විනිමය ආදායමක් ජාති ආර්ථිකයට එක්කළ හැකි වීමයි. එවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය(කොළඹ වරාය) ලෝකයේ ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතු නාවාක කේනද්‍රස්ථානය හා වරාය බවට පත්කීරමට හැකිවනු ඇත. තවද එතුලින් රටේ අධ්‍යාපන, සෞඛ්‍ය හා පොදු යටතල පහසුකම්වලට ප්‍රශස්ත ලෙස දායක වෙමින් ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරු බවටද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පත් වනු ඇත.
මෙලෙසින්, නැගෙනහිර පර්යන්තය සඳහා ඉන්දියානු මැදිහත්වීමක් සිදුවුහොත් මේ වන විට ඇමරිකාව හා චීනය අතර හටගෙන ඇති ගෝලීය බල අරගලයේ අවසානාවන්ත පාර්ශවකරුවා වීමට අප මාතෘ භූමියට සිදුවනු ඇත. එයට හේතුව වන්නේ දැනටමත් චීනය විසින් මෙහෙයවන කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT ) සහ නැගෙනහිර පර්යන්තය යාබද පර්යන්තයන් ලෙස පැවතීමයි. එලෙසම ගැඹුරින් වැඩි මෙම නැගෙනහිර පර්යන්තයද ලෙසෙ ශ්‍රී ලංකා වරයා අධිකාරියට අහිමි වුවහොත් ඉන්දියානු අමරිකානු යටත් විජිතයක් බවටද අප රට පත්වනු ඇත. ඒ තුළ අනතුරට ලක්වන්නේ අප මාතෘ භූමියේ ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාවයි.
එබැවින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලු ජාතික සම්පත් රැකගැනීම වෙනුවෙන් පක්ෂ, විපක්ෂ, ජාති, කුල, ආගම් භේදයකින් තොරව සියලු දෙනා අපගේ මාතෘ භූමිය වෙනුවෙන් සහ උපනූපන් දරු පරම්පරාව වෙනුවෙන් කටයුතු කල යුතුව ඇත. ඒ සඳහා වන ජාතික කථිකාවක් ගොඩගැනීමට අවැසි කාලය එළඹ ඇත. එබැවින් ඒ සඳහා වන ජාතික මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන්ට අප මාතෘ භූමියේ නාමයේ ආරාධනා කර සිටිමු. එබැවින් නැවත වරක් මෙලෙස සටහන් කරමු.

මේ අපේ වරායේ අවසන් හුස්ම පොදයි - දිවි හිමියෙන් එය රැක ගනිමු.
අපි අපේ වරායට ආදරය කරමු.
අපි අපේ වරාය ගැන ආඩම්බර වෙමු.
අපිට අපේ වරාය ගැන දැක්මක් ඇත.

ඔබට ... ?
ස්තුතියි
නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන්.
1. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය (පොදුජන පෙරමුණට අනුබද්ධිත)
2. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (වරාය)
3. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය
4. ජාතික සේවක සංගමය
5. ඉංජිනේරු සංගමය
6. විධායක නිලධාරින්ගේ සංගමය
7. වරාය මුදල් කොට්ඨාශයීය ස්වාධීන සේවක සංගමය
8. ගබඩා භාරකරුවන්ගේ සංගමය
9. ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය
10. ගොඩබෑම හා භාරදීම් ලිපිකරු සංගමය
11. කාර්මික නිලධාරින්ගේ සංගමය
12. සමස්ත ගබඩා භාරකරුවන්ගේ වෘත්තීය සමිතිය
13. සහකාර ගබඩා භාරකරුවන්ගේ වෘත්තීය සමිතිය
14. ස්වාධීන වරාය සේවක සංගමය
15. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික සේවක සංගමය
16. සමස්ත ලංකා හාබර් හා ඩොක් කම්කරු සංගමය
17. කාර්මික පරිපාලක සංගමය
18. වරාය ලිපිකරු සේවා සංගමය
19. විවිධ කාර්ය සහායක සංලමය
20. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපාධිධාරි සංමය
21. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැසුම් ලිපිකරුවන්ගේ සංගමය
22. වරාය සැලසුම්කරුවන්ගේ සංගමය
23. රියදුරු සංගමය
(නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තීය සමිති එකමුතුව විසින් 2020. 01. 01 දින බෙදාහරින ලද පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදි)