කොග්ගල වෙළඳ කලාපයේ වැඩබිම්  6ක කොවිඩ් 

කොග්ගල වෙළඳ කලාපයේ වැඩබිම්  6ක කොවිඩ් 
කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ‍ඊයේ (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබේ.
 
පසුගිය 20 වෙනි දිනය තුළ නව ආසාදිත රෝගින් 05  දෙනෙකු වාර්තා වී ඇති බවද කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වී ඇති බවද හෙතෙම තහවුරු කර ඇත.
 
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ  පි.සි ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇත.
 
මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇතිවි තිබෙන කොරෝන පොකුර පාලනය කිරිම සම්බන්ධව සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල්ඩිගොල් ශාලාවේ දි පැවැත්වුණු බව අප වාර්තාකරු පවසයි.
 
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් වල කළමණාකරුවන් සෞඛ්‍ය බලධාරින් හා ආරක්ෂක අංශවල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කොග්ගල නිදහස් වෙළද කළාපය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් මාර්ග උපදෙස්වලට අනුව කටයුතු  සිදුවනවාද යන්න පිළිබද අධික්ෂණය කිරිම සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනිමට ද මෙහිදී තීරණය වී තිබේ.