සෞඛ්‍ය වෘත්තීකයින් තැතිගැන්විලා

සෞඛ්‍ය වෘත්තීකයින් තැතිගැන්විලා

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේ කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයන් තිගැස්මකට පත්ව ඇති බවය. දෙවැනි කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 දෙනකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඔහු පැවැසීය.

සෞඛ්‍ය වෘත්තිකයන් කොරෝනා වයිරසයට ගොදුරුවීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්විය හැකි බවද හරිත අලුත්ගේ පැවැසීය. ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තිකයන්ට විශ්වාසයෙන් යුතුව රාජකාරි කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද පැවැසීය. “අපි ඇත්ත කතා කරනකොට ජනතාව බිය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියෙනවා. අපි ඒ චෝදනාවට බයේ ඉන්නේ නෑ. යථාර්ථය රටට හෙළි කරනවා. ගයාන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.