වෘත්තීය ස්වස්ථතාව හා සෞඛ්‍ය කර්මාන්තශාලා පරීක්ෂණ අත්පොත එළිදක්වයි

Nimal-siripal-de-silva

ලෝකයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතින වැඩබිම් ආශ්‍රිත අනතුරු ඉහළ යාම වැළැක්වීමට පියවර ගැනීම අද ලෝකයෙම කම්කරුවන් පිළිබඳ කටයුතු කරන ආයතන වල ප්‍රධාන වගකීමක් බවට පත්ව ඇත.
එම අරමුණ මෙරට ක්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම පැවරී ඇති කම්කරු දෙපාර්මේන්තුව වෘත්තීය සුරක්ෂිතතාවය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වෘත්තීයමය අනතුරු වැලැක්වීම සහ සුරක්ෂිතතා සෞඛ්‍ය කමිටු පිහිටුවීම පිළිබඳ මඟ පෙන්වීමේ අත් පොතක් සහ වෘත්තීය ස්වස්ථතාව හා කර්මාන්තශාලා පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ අත් පොතක් පසුගිය දා එළි දැක්විණ.
එහි ප්‍රථම පිටපත කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පිරිනමනු ලැබීය.