සෞඛ්‍යය කණිෂ්ඨ කාර්ය සහායකයින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍යය කණිෂ්ඨ කාර්ය සහායකයින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍යය කණිෂ්ඨ කාර්ය සහායකයින් අනවශ්‍ය වැඩ වර්ජනයකට ඇද දැමීම හේතුවෙන්, සත්කාර සේවා කටයුතු වලට බරපතළ බාධාවන් ඇති වී තිබෙනවා.

සෞඛ්‍ය සේවාව පිළිබඳ තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගනු ලැබූ තීන්දු නිවැරදි නොකරමින්, සෞඛ්‍ය බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් ඇතිකර තිබෙනවා.

මාරාන්තික වසංගතයක් සමඟ සෞඛ්‍ය සේවාව අරගල කරන මොහොතක, සෞඛ්‍ය සේවාව මෙලෙස අනවශ්‍ය වර්ජනයකට ඇද දැමීම පිළිබද ජනධිපති ලේකම් කාර්යාලයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගකිව යුතුය.

සෞඛ්‍ය සේවාව සදහා පත් කිරීම් හෝ පුහුණු කිරීමේදී, ඒ සදහා අවම සුදුකමක් පවතී. පත් කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කල තනතුරක් හා නිශ්චිත තනතුරු නාමයක්ද, ඒ සදහා පුරප්පාඩු ප්‍රමාණයක්ද තිබිය යුතුය. වැටුප් කේතයක් සහ නිශ්චිත රාජකාරි ලැයිස්තුවක් පැවතිය යුතුය. සෞඛ්‍ය සේවාවට පුහුණු විය හැක්කේ ද එවැනි නිශ්චිත තනතුරු සඳහා පමණි.

සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යමණ්ඩලය හෝ වේවා වෛද්‍යවරයෙකු හෝ වේවා පත් කිරීමේ නිසි බලධාරීත්වය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා බලය පවරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි බලධරයෙකු ට පමණි.

උක්ත සියළු නිතී හා සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින්, ලේකම් කාර්යාලය හරහා සෞඛ්‍ය ආයතන ගණනාවකට පුහුණුව සදහා විවිධ පුද්ගලයන් අනුයුක්ත කර ඇති අතර අවම අධ්‍යාපන සුදුසුකමක් පවා සලකා බලා නැත. ඔවුන්ව පුහුණුවට පත්කර ඇත්තේ සෞඛ්‍ය සේවාව තුළ වර්තමානයේ පවතින හෝ යෝජිත තනතුරු සඳහා නොවේ.

"හෙද සහයක", "සාත්තු සේවක", "සාත්තු සේවක සහායක", "ගිලන් රථ සහයක" වැනි විවිධ ආරූඪ නම්වලින් පුද්ගලයන් පුහුණු කිරීම සඳහා අනුයුක්ත කර ඇති අතර, සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි, ඔහු මේ පිළිබදව කිසිවක් දන්නේ නැත.

හුදු දේශපාළණ වුවමණාව පමණක් සලකා බලමින් හා රාජ්‍ය සේවාවේ සියළු නීති උල්ලංඝනය කරමින්, එලෙස සෞඛ්‍ය සේවාව සදහා, නියමිත පටිපාටියෙන් පරි බාහිරව පුද්ගලයින් පත් කිරීම බරපතළ තත්ත්වයක. එය සෞඛ්‍යය කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ ගැටලුවක් පමණක් නොවන බව අප අවධාරණය කරමු.

එබැවින් අනවශ්‍ය අර්බුද සෞඛ්‍ය සේවාව තුළ ඇති කරමින්, මහ ජනතාවට ඉතා අසීරුවෙන් මේ මොහොතේ ලබාදෙමින් තිබෙන "සෞඛ්‍ය සේවාව" අඛණ්ඩව ලබා දිය නොහැකි අන්දමේ අනවශ්‍ය බාධා කිරීම් හා අනවශ්‍ය අළුත් අර්බුධ නිර්මාණය නොකරන ලෙස සිදු අප ඊට අදාල වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු. ඒ අනූව, සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ වර්ජනයට වහා විසඳුම් ලබා දෙන ලෙස අප බල කර සිටිමු.

රවී කුමුදේශ්, සම කැදවුම්කරු, "වැඩ කරන ජන බලය"