දුම්රිය මඟීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!

දුම්රිය මඟීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!

කටුනායක සහ පුත්තලම අතර දුම්රිය ධාවනය දින දෙකක් කාලයක් සඳහා තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ, ලබන 26 වනදා උදෑසන 8 .00 සිට 28 වනදා උදෑසන 8.30 දක්වා ආදාළ මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බවයි.

මෙලෙස දුම්රිය ධාවනය නතර කෙරෙන්නේ, පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙනි.

අදාළ කාලය තුළ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය , කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් සිදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් එළඹෙන 28 වන දා පෙරවරු 8.30 සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.