ස්ථිර නොකළ අභ්‍යාසලාභී උපාධිධාරින් අද මඩකලපු දිස්ත්‍රික් ලේකම් හමුවට

JDOC

2018 අගොස්තු මස වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පසනමින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් පිරිසක් තවමත් ස්ථිර කිරීමට අසමත්ව ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අනුයුක්ත මෙම උපාධිධාරින් මේ වන විට මාස 30ක් තිස්සේ පුහුණු දීමනාව වන රුපියල් 20,000ක් පමණක් ලබාගනිමින් රාජකාරි කටයුතු කරති.

මේ පිළිබඳව අමාත්‍යංශ බලධාරින් දැනුවත් කළ ද මෙතෙක් මෙ පිරිස් ස්ථිර කිරීමට කටයුතු යොදා නැත. මෙම උපාධිධාරින් මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජකාරි කටයුතු නියැලේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින පෙරවරු 10.00ට මඩකලපුව දිස්ත්‍රික්ක ලේකම්වරයා හමුවී සාකච්ඡා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.