කොවිඩ් දෙවන රැල්ල කඩිනමින් අවසන් නොකළහොත් ජන ජීවිතය අනතුරේ

කොවිඩ් දෙවන රැල්ල කඩිනමින් අවසන් නොකළහොත් ජන ජීවිතය අනතුරේ

මේ වන විට රට මුහුණ දී තිබෙන කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල හමුවේ රට බරපතල අනතුරකට මුහුණ දී ඇත. මෙම කොවිඩ් දෙවැනි රැල්ල අවසන් කරගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මාස 4 කට වැඩි කාලයක් මෙම රැල්ල පාලනය කර ගැනීමට නොහැකි වී ඇත. ලෝකයෝ බොහෝ රටවල් කොවිඩ් පාලනයට අදාල සියලූම ක්‍රියාමාර්ග විද්‍යාත්මක ප්‍රවේශයකින් සැලසුම් සහගතව, ප්‍රමාණවත් පරිදි සහ නිසි දේශපාලන නායකත්වයකින් ගැනීම මගින් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් රැලි පාලනය කර ඇත. අප රටටද එවැනි සැලසුම් සහගත ක්‍රියාවලියක් මගින් කොවිඩ් දෙවැනි රැල්ල කඩිනමින් අවසන් කර ගත යුතුව ඇත. එසේ නොමැතිවුවහොත් ජන ජීවිතය තවදුරටත් බරපතල අනතුරකට ඇද වැටෙනු ඇත.

කොවිඩ් වසංගතය නිසා රටට ඇති වී තිබෙන බලපෑම, සිදුවී ඇති මරණ සංඛ්‍යාව සහ ආසාධිත පුද්ගල ප්‍රමාණයෙන් පමණක් මැනිය නොහැක. රටේ සෞඛ්‍ය සේවාවට, ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, රැකියාවලට, ප්‍රවාහනයට සහ ආර්ථිකයට මෙමගින් ඇති වී තිබෙන බලපෑම සුලූපටු නොවේ. දෛනිකව මෙම වසංගතයට මුහුණ දීමේදී රටක් ලෙස සිදුකරනු ලබන වියදම ඉතා විශාලය. මේ දක්වා ඒ පිළිබඳව ගණනය කිරීමක් පවා සිදු කර නැත. මාස්ක් , සැනිටයිසර්, පුද්ගල ආරක්‍ෂණ උපකරණ PCR/RAT පරීක්‍ෂණ සහ ප්‍රවාහනය, නිරෝධායනය ආදිය සඳහා කරනු ලබන වියදම ඍජු වියදම්වලට අමතරව වක්‍ර ලෙස තවත් විශාල වියදමක් දෛනිකව සිදු කිරීමට සිදු වී ඇත.

ඉතා කුඩා ආර්ථිකයක් සහිත සහ ණය මත යැපෙන රටක් ලෙස අපට මෙම තත්වය කිසිසේත්ම ඔරොත්තු නොදෙන තත්වයකි. මෙම තත්වය හමුවේ සමාජයේ දෛනිකව සිය ජීවිකාව සිදුකර ජීවත් වූ පිරිසි ඇතුලූ අඩු ආදායම් ලාභී සමාජයේ පහල ස්ථවරලට විශාල බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්වය හමුවේ ඉතා කෙටි කලක් තුල සැලසුම් සහගතව කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කර කොවිඩ් තුරන් කිරීමට කටයුතු නොකළහොත් රටේ බලපතල දේශලපාලන ආර්ථික හා සමාජීය අර්බුදයක් දක්වා රට ගමන් කිරීම වැළැක්විය නොහැකිවනු ඇත. එම නිසා මෙම කොවිඩ් දෙවැනි රැල්ල කඩිනම් ක්‍රියාමාර්ග මගින් අවසන් කර කොවිඩ් තුරන් කිරීම සඳහා කටයුතු කරන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට අපට සිදුවී ඇත.

ඒ අනුව ඉහත සඳහන් කල සංවාදය හා සම්මන්ත්‍රණය 2021 පෙබරවාරි 26 දින සවස 3.30 ට කිරිබත්ගොඩ, උදේශි සිටි ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා ආරාධිත දේශකයින් ලෙස වසංගත රෝග අංශයේ හිටපු ප්‍රධානි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ අග්නිදිග ආසියානු හිටපු කලාපීය උපදේශක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන් සහභාගී වේ.