කොරෝනා එන්නත් වැඩපිළිවෙළ අවුල් ජාලාවක් වෙලා

කොරෝනා එන්නත් වැඩපිළිවෙළ අවුල් ජාලාවක් වෙලා

විශේෂඥයන් විසින් සකස් කරන ලද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සම්පූර්ණයෙන් අවුල් කිරීම හේතුවෙන් කොරෝනා එන්නත ලබාදීමේ අක්‍රමවත්භාවය නිසා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම න්වේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සියලූම සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් හට අද (25) දින කොරෝනා එන්නත ලබාදෙන බැවින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට පැමිණෙන ලෙස දන්වා තිබෙන අතර, ඒ අනුව රෝහල් සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් 500 ක් පමණ මේ වනවිට රෝහල් භූමියට පැමිණ තිබේ. නමුත් අද දින පාලනාධිකාරිය දන්වා ඇත්තේ ඊයේ දින අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා කොරෝනා එන්නත් ලබාදී ඇති බැවින් සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ එන්නත් 50 ක පමණ ප්‍රමාණයක් බවය.

ඊයේ දින ඉතා අක්‍රමවත් ලෙස කිසිදු විනිවිද භාවයකින් තොරව අමාත්‍යංශ සේවකයන් ඇතුලූ විශාල පිරිසකට එන්නත් ලබාදී ඇති බැවින් රෝහල් ශාඛාවේ සියලූ සේවක සේවිකාවන් සහ දෙමව්පියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

මේ හේතුවෙන්, මේ වනවිට සේවක සේවිකාවන් වහාම විසඳුමක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලැඹ ඇත.

විශේෂඥයන් විසින් සකස් කරන ලද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සම්පූර්ණයෙන් අවුල් කිරීම හේතුවෙන් මෙම තත්වය කොරෝනා එන්නත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු.