රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂයකට අධික MN-04 (ආශ්‍රිත සේවය) ට අයත් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ගේ වෘත්තීය ගැටළු ගණනාවකට විසුඳුම් ලබාදෙන ලෙස බල කරමින් 2021 මාර්තු 04 දින ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කිරීමටත්, එදිනට අත්සන් ලක්ෂයේ පෙත්සම භාරදීම හා දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත් සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇත.
වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න ගණනාවකට මේ දක්වා විසඳුම් ලබා නොදීම හා අදාළ ප්‍රශ්න බලධාරීන් හා දේශපාලන අධිකාරිය නොසලකා හැරීම මේ ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතු වූ බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.
ඇතුළු ඉල්ලීම් 25ක් මේ වන විට ආණ්ඩුව ඇතුළු අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර සාධාරණ කාල සීමාවක් තුළ එම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වන බව සඳහන් කරයි
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මාර්තු 20 වන විට විසඳුමක් නොලැබෙන්නේ නම් අදාළ ගැටළුවලට විසඳුම් ලබා දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගැනීමට ද සංවර්ධන නිලධාරී සේවා සංගමය ලෙස තීරණය කර ඇති බව මෙයින් වැඩි දුරටත් සඳහන් කරන බව සංවර්ධන සේවා සංගමය පවසයි.
