රජයේ අයුර්වේද වෛද්‍යවරුන් අද මහපාරේ

රජයේ අයුර්වේද වෛද්‍යවරුන් අද මහපාරේ

දේශපාලන බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීමට එරෙහිව අද (03) දින දහවල් 11.00 ට කොළඹ 10 හි ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී (ටෙක්නිකල් හංදිය) සිදු කිරීමට සැළසුම් කර ඇති සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය කියා සිටී.

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය 2019 දෙසැම්බර් මස සිට 2021 - 02 - 12 දක්වා ඉතාමත් මන්දගාමී අයුරින් අවුරුද්දකට ද අධික කාලයක් වැය කරමින් අත්තනොමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයම බලවත් නොසන්සුන් තාවයකට පත්ව ඇත.

විධිමත් ස්ථාන මාරු පටිපාටිය පවා නොසලකා හරිමින් වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලයේ තීන්දු අත්හිටුවමින් දේශපාලන බලහත්කාරය යොදවා කිසිඳු සාධාරණ හේතුවකින් තොරව අත්තනෝමතිකව ස්ථාන මාරු අවලංගු කිරීම හේතුවෙන් වෛද්‍ය සේවාව ම අවුල් සහගත තත්ත්වයකට ලක් කර ඇත.

එබැවින් සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයම මෙම බලහත්කාරයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විරෝධතාවයක් ලෙස අද දින මෙම විරෝධතාවය පවත්වන බව කියා සිටී.