නව කොවිඩ් ප්‍රභේද සමග අදුරේ අතපත ගාමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය

ravi-kumudesh

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තාවී ඇති ඇත.
එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකුද, බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද, පසුගිය සතියේ සිදු කරණු ලැබූ ජාන අනුක්‍රමික විශ්ලේශණ පරීක්ෂණහී ප්‍රතිඵල ලෙස හදුනාගෙන ඇත.

මිට අමතර යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී තිබෙනවා.

පසුගිය මාසයේදී මහියංගණය, අවිස්සාවේල්ල, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර සහ කොළඹ නගර සභා සීමාවන් හි පුද්ගලයින් 93 දෙනෙකුගේ වෛරස සාම්පල් ජානමය විශ්ලේෂණයකට ලක්කිරීමේදී මෙකී හඳුනා ගැනීම් සිදු කිරීමට හැකිවී ඇත.

එකී නිදර්ශක වලින් 81ක් දෙනෙකු මෙරටින් හමුවූ B.1.411 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බවට හඳුනා ගෙන ඇති අතර කෙසේ වුවත්, එම වෛරස ආසාදිතයින් අතරින් මහියංගණය ප්‍රදේශයෙන් හමුවූ එක් ආසාදිතයෙකුට E484K යනුවෙන් හඳුන්වන විකෘතියට ලක්වූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති ඇති අතර, එම විකෘති කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්‍රභේදවල දක්නට ලැබෙන අතර කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් වන බව තහවුරු වී ඇත.

මිට අමතරව වාද්දුව ප්‍රදේශයෙන් ලද සාම්පලයකින් යුරෝපයේ ව්‍යාප්ත වන B.1.428 යනුවෙන් හඳුන්වන ලබන වෛරස ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ද වාර්ථා වී ඇත.

කෙසේ නමුත් මේ වන විට රට තුල සිදුවන PCR පරීක්ෂණ ප්‍රමාණය විශාල පසු බෑමකට ලක්ව ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වල සිදුකල හැකි PCR ධාරිතාවෙන් පහෙන් එකක ප්‍රමාණයක්වත් සිදු නොකරයි. නව ප්‍රභේද හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ මගින් හදුනා ගන්නා සැක සහිත රෝගීන්, ජාන අනුක්‍රමික විශ්ලේශණ පරීක්ෂාවන් ලක් කල යුතුය. එකී හදුනා ගැනීමේ ක්‍රියාවලිය ජාතික වශයෙන් සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වලට හැකියාවක් නොමැති අතර, රජය විසින් ඊට අදාල උපකරණ රසායනාගාර වෙත ලබා නොදීමත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් විශේෂඥ කණ්ඩායම් ඒ පිළිබදව දක්වන නොහැකියාව හේතුවෙන් අදාල අනුකජීවී රසායනාගාර අඩපණ කර තැබීම ඊට ප්‍රධාන හේතුවයි.

දැනට රට තුල භාවිත වන එකම එන්නත වන කොවිෂීල්ඩ් එන්නත නව ප්‍රභේද රැසක් සදහා සුදුසු නොවන තත්වයක් හමුවේ, එන්නත මගින් සිරුරතුල ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලිය සහ රට තුල පවතින ප්‍රභේද පිළිබදව ජාතික මට්ටමේ පර්යේෂණ කිසිවක් සිදු නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අදුරේ අතපත ගෑම, වසංගතය යළි හිස එසවීම සදහා ප්‍රභල සධකයක් ලෙස බලපෑම නොවැලැක්විය හැකිය.

රවී කුමුදේස්