විශ්‍රාමිකයින්ගේ අයිතිය ඉල්ලා ජනාධිපතිට ටෙලිමේල් පණිවිඩ යැවීම අද

penson

2016 - 2019 විශ්‍රාමිකයින්ට අහිමි කරන ලද විශ්‍රාම වැටුප සම්බන්ධව ජනාධිපතිතුමාට ටෙලි මේල් පණිවිඩයක් යැවීම අද දින එනම් මාර්තු 15 කොළඹ ඇතුලූ සියලූ දිස්ත්‍රික්ක පුරා තැපැල් කාර්යාල වලදී සිදුකරන බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

1. 2016 - 2019 විශ්‍රාමිකයින්ට 2020-01-01 දින සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සභාපතිත්වය දරණ අමාත්‍ය මණ්ඩලය 2020-01-02 දින රැස් වී අත්හිටුවීමට තීරණය කරන ලදී.

2. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 35/2019(I) හා 2020-01-20 දිනැති චක්‍රලේඛය නිකුත් කරමින් 2020-01-01 සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප අත්හිටුවා ඇත.

3. මේ වන විට වසරකට අධික කාලයක් විවිධ ක්‍රියාමාර්ග ගත්තද සාධනීය පිලිතුරක් ලැබී නොමැති බැවින් ඒ ”අහිමි කරන ලද විශ්‍රාම වැටුප කරුණාකර ලබා දෙන්න.” යනුවෙන් 2021-03-15 දින දිවයින පුරා තැපැල් කාර්යාල මගින් විශ්‍රාමිකයින් විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ටෙලි මේල් පණිවිඩයක් යැවීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ විධායක සභාව තීරණය කර ඇත.

4. ඒ අනුව එහි කොළඹ දිස්ත්‍රික්කයේ ටෙලිමේල් පණිවුඩ යැවීම මාර්තු 15 පෙ.ව. 10.00 ට බොරැල්ල තැපැල් කාර්යාලයේදී සිදුවේ.