වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හිමියෝ අධිකරණයට යති

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හිමියෝ අධිකරණයට යති
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
 
එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර ඇත.
 

පසුගිය දා තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 ක් විය යුතු බවට රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේය.