අභ්‍යාසලාභීන් කඩිනමින් ස්ථීර සේවයට -අමාත්‍යාංශ ලේකම්වෙත ලිපියක්

Graduate

2019 බඳවගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම ප‍්‍රමාදවීම සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ වහාම ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

2019 අගෝස්තු සහ සැප්තැම්බර් මස වසරක පුහුණුවකට යටත්ව බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වනවිට පුහුණුව වසර අවසන්ව මාස 7ක් ඉක්මවා ඇතත් ස්ථිර කර නොමැත.

02. ඔබතුමා විවිධ අවස්ථාවල මාධ්‍ය හරහා කරන ප‍්‍රකාශ තුළ මෙම අභ්‍යාසලාභීන් ස්ථිර කරන බවට සඳහන් වුවද මෙතෙක් කිසිවක් සිදුව නැත.

03. මෙම අභ්‍යසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඔක්තෝබර් මස ලබාගැනීමට ද අපට ඉල්ලීම් කිරීමට සිදුවිය. එකී අමාත්‍ය මණ්ඩල නිර්දේශ පවා ඉක්මවා යමින් තිබෙන අතර මෙම ප‍්‍රමාදය කෙසේවත් සාධාරණීකකරණය කළ නොහැක.

04. විධිමත් සම්මුඛ පරීක්ෂණ කි‍්‍රයාවලියකින් පසු බඳවාගත් මෙම අභ්‍යසලාභී උපාධිධාරීන් තවත් කල් නොයවා කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින අතර මෙම සතිය තුළ ද එසේ නොකරන්නේනම් මාර්තු 23 සිට අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණ වන බව අවධාරණය කරමු.