දුම්රිය වර්ජනය අවසන් වෙයි

දුම්රිය වර්ජනය අවසන් වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (18) පෙරවරුවේ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වීම නිසා අදාළ තිරණය ගැනීමට කටයුතු කළ බවයි දුම්රිය රියදුරු සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.