ජල සම්පාදන සේවකයින් සඳහා වසර තුනෙන් තුනට වැඩිවන නව වැටුප් වැඩිවීම 2021 ජනවාරි මස සිට ලැබිය යුතු වූවද මෙතෙක් ලැබී නැති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,
මණ්ඩලීය පරිපාලනය සහ ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවලදී පිළිගත හැකි නිශ්චිත පිළිතුරු මෙතෙක් ලැබී නොමැති බැවින් පහත ප්‍රධාන ඉල්ලීම් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලැඹීමට අප වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ පළමු උද්ඝෝෂණය 2021 මාර්තු 23 දින දහවල් 12.00 ට රත්මලාන ගොළුමඩම හන්දියේ ජලසම්පාදන මණ්ඩලීය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්වේ.
මේ පිළිබඳව පූර්ව ප්‍රචාරයක් සහ මෙදින මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙස ඔබ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිමු.
ප්‍රධාන ඉල්ලීම්
මෙම ඉල්ලීම් මුල්කරගෙන ආරම්භ කරන විරෝධතාවයන්ට නිසි සවන්දීමක් සිදු නොවන්නේ නම් වැඩවර්ජන ක්‍රියාමාර්ග වලට එලැඹීමට ද සූදානමින් සිටින බව සඳහන් කරන්නෙමු.
