කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව අද (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සලකා බැලේ.

හෙට (24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ.

මාර්තු මස 10 වැනි දින අවසන් වරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලේ.

එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා දින (25) වනජීවි දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා ඇත.