ලංවීම පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ලංවීම පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක
ලංවීම පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස 3000කට ආසන්න වූ ලංවීම මානව සම්මත ඔවුන්ගේ සුඛ විහරණය සඳහා අවභාවිත කිරීමත් ඉංජිනේරු ශ්‍රේණියට පරිබාහිර සියලු වෘත්තිකයින් හට සිය රැකියාව කෙරෙහි අතෘප්තිකර තත්ත්වයක් ඇතිකරමින් අත්තනෝමතික  ක්‍රියාවලියක නිරතවන බවත් ලංකා විදුලිබල මාණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පෙන්වා දෙයි.
 
අධිකරණ තීන්දු පවා නොතකමින් සේවක වැටුප් විෂමතා ඇති කිරීමත් සාධාරණත්වයකින් තොරව අත්තනෝමතික ලෙස සේවකයින් මර්ධනය කරමින් නව බඳවා ගැනීම් හා උසස්වීම් ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියක්ද හඳුනාවා දී ඇති බවත් සංගමය මෙහිදී පෙන්වා දෙයි.
 

වැඩබිම අප කළ විමසීමකදී ලංකා විදුලිබල මාණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ.නිශාන්ත මහතා සඳහන් කළේ සිය සංගමය විසින් කම්කරු කොමසාරිස් කාර්යාලයට යොමුකළ පැමිණිල්ල විභාග වෙමින් තිබියදී,ඒ හා සම්බන්ධව අධිකරණයේ නඩු පවරා තිබියදී පවා පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස නව බඳවා ගැනීම් හා උසස් කිරීමේ ක්‍රියාපටිපාටිය අනුමත කිරීමට උත්සාහ දරන බවයි.

මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් අද දිනයේ (23) මෙම අයුක්ති සහගත ක්‍රියාවලියට එරෙහිව ලංවීම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය  අසනීප නිවාඩු වාර්තාකර සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවෙන බවත් දහවල් 12.00 සිට ලංවීම ප්‍රධාන කාර්යාල ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. .
 

එම අවස්ථාවේ ඡායාරූප පහතින්...

IMG 20210323 WA0002

IMG 20210323 WA0003