විදුලිබල සේවකයෝ අද විරෝධතාවයක

   විදුලිබල සේවකයෝ අද විරෝධතාවයක

ලංකා විදුලි බල මණ්ඩලයේ සියලූම වෘත්තීය සමිති එක්ව මාර්තු 24 දවල් 12.00 ට කොළඹ ලංකා විදුලි බල මුලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

වසර 3 කට වරක් සිදුවිය යුතු වැටුප් වැඩිවීම විදුලිබල සේවකයින්ට 2021 ජනවාරි සිට හිමිවිය යුතු වුවත් මේ දක්වා එම වැඩිවීම ලබා දී නැත. මෙයට අදාල 2021 මාර්තු 23 සවස 2.45 ට විදුලි බල මණ්ඩල සභාපතිවරයා සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වීමත්ය.