කොග්ගල ඇඟලුම් කම්හලේ හෙට දවස කෙබඳු වෙයිද?

කොග්ගල ඇඟලුම් කම්හලේ හෙට දවස කෙබඳු වෙයිද?
ගෙවුණු  සිකුරාදා, එනම්  2021 මාර්තු 20 වන දින එස්කුවෙල් කොග්ගල කම්හලේ කම්කරුවන් ඔවුන්ගේ ප්‍රසාද දීමනාව ඉල්ලා සිටිමින්  යම් නොසන්සුන්තාවක නිරත වූ බවට චෝදනා ලැබූ සේවකයින් 40 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම ඉල්ලා අස්කරගෙන  ඇති බව වාර්තා වේ.
 
මෙම නොසන්සුන්තාව අවසානය වන විට යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර සාමාන්‍යාධිකාරී රසිකා මහත්මිය ඇතුළු කළමනාකරුවන්ටත්,   ශාඛා වෘත්තීය සමිති ලේකම්වරයාටද ඔවුන්ගේ සාමාජිකයින් විසින් පහර ඇතැයි සඳහන්ය.
 
මෙහිදී පොලිස් කණ්ඩායමක්  කර්මාන්ත ශාලාව වෙත දිව ගිය අතර සේවකයින් 40 දෙනාගේ  වැඩ  තහනම ඉවත් කරන බවට කළමනාකාරිත්වය වාචිකව පොරොන්දු වී තිබේ. 
 
අද වන විට සේවක/සේවිකාවන්ට සේවයට යාම සඳහා සමාගම විසින් ප්‍රවාහන පහසුකම් සපයා නොමැති නමුත් ඔවුන් කර්මාන්ත ශාලාවට පැමිණ ඇති බවත්, එසේ වුවද කර්මාන්තශාලා දෙකම වසා දමා ඇති බවට සමහර සේවකයින්ට වට්ස්ඇප් පණිවිඩ ලැබී ඇති අතර වැඩිදුර දැනුම් දෙන තෙක් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවද එමගින් දන්වා තිබේ.
 
මෙවන් වාතාවරණයක් තුළ අද දිනයේ  කම්කරුවන් ආයෝජන මණ්ඩලයේ කාර්යාලයට ගිය විට සේවකයින්ට දන්වා ඇත්තේ සමාගමට දින 14 ක වැටුප් සහිත නිවාඩු ලබා දී ඇති නමුත් නිල දැනුම් දීමක් නොමැති බවයි.