දෙවන අදියර යටතේ ලක්ෂයකට රැකියා වරම් හිමිවෙන ලකුණු

දෙවන අදියර යටතේ ලක්ෂයකට රැකියා වරම් හිමිවෙන ලකුණු
සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ ප්‍රථම අදියර අවසන් කළ පසු තවත් ලක්ෂයකට රැකියා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබේ.
 
මෙම රැකියා සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී නිවැරැදිම පුද්ගලයන් හඳුනා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේද වගකීමක් බවයි ජනපතිවරයා එහිදී සිදිපත්කර දෙන්නේ.
 

තවද තම ඉදිරි ධුර කාලයේදී ජාතික ආර්ථිකය හා ග්‍රාමීය ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් කටයුතු කරන බවත් එම වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.