රාජ්‍ය බැංකු වර්ජනයක් අත ළඟ

CEYLON-BANK-EMPLOYEES-UNION

රාජ්‍ය බැංකුවල දීර්ඝකාලීනව නොවිසඳී ඇති ගැටලූවලට විසඳුම් ඉල්ලා ආරම්භ කොට ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තීව‍්‍ර කිරීම තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින්නේ,

රාජ්‍ය බැංකුවල දීර්ඝකාලීනව නොවිසඳී පවතින පහත සඳහන් ගැටලූවලට 2020-06-26 වැනි දින ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් ලබාදෙන ලද නිශ්චිත විසඳුම් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සංගමයට සිදුවිය. ඒ අනුව,

  •  රාජ්‍ය බැංකුවල විශ‍්‍රාම වැටුප්
  • රාජ්‍ය බැංකුවලට බඳවා ගන්නා නවකයින්ගේ පුහුණු කොන්ත‍්‍රාත් කාලය මෙතෙක් පැවති පිළිගත් ක‍්‍රමවේදයට පටහැණිව වසර 2 කට වඩා දීර්ඝ කිරීම සහ
  • ලංකා බැංකුවට පූර්ණ අනුබද්ධිත ඵඊීඛ බැංකුවේ පවතින බරපතල පරිපාලනමය අක‍්‍රමිකතා නිවැරදි නොකිරීම

යන ගැටලූවලට ලබාදුන් විසඳුම් ක‍්‍රියාත්මක කරන ලෙසට බලකරමින් පළමුව පෝස්ටර් ව්‍යපාරයක් ද, ඉන් අනතුරුව 2021-03-16, 17 සහ 18 තෙදින විරෝධතා ලාංඡුන පැළඳ සේවයේ යෙදීමේ අවම ක‍්‍රියාමාර්ගයක් ද දියත් කරන ලදී. එයින් පසු 2021-03-18 වැනි දින සිට 2021-03-23 වැනි දින දක්වා මහජන බැංකුව, ලංකා බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු ප‍්‍රධාන කාර්යාල ඉදිරිපිට දී දහවල් කෑම පැයේ විරෝධතා පිකට් උද්ඝෝෂණ ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කරන ලදී.

කෙසේ වෙතත් ආණ්ඩුවේ බලධාරීන් හෝ රාජ්‍ය බැංකු පාලනාධිකාරීන් මෙම ගැටලූ විසඳීම සඳහා කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වා සිටින තත්වය තුළ විධායක සභාවේ තීන්දුව පරිදි දැනට ක‍්‍රියාත්මක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග, වැඩ වර්ජනයක් දක්වා තීව‍්‍ර කිරීමට සංගමය තීරණයකර ඇත.

ඒ අනුව අපේ‍්‍රල් මස මුල සිට සංගමය පහත සඳහන් ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණයකර ඇත.

2021-04-01 - දකුණු හා මධ්‍යම පළාත් දිස්ත‍්‍රික් පිකට් උද්ඝෝෂණ

2021-04-05 - උතුර හා වයඹ පළාත් දිස්ත‍්‍රික් පිකට් උද්ඝෝෂණ

2021-04-06 - උතුරුමැද හා ඌව පළාත් දිස්ත‍්‍රික් පිකට් උද්ඝෝෂණ

2021-04-07 - නැගෙනහිර හා සබරගමුව පළාත් දිස්ත‍්‍රික් පිකට් උද්ඝෝෂණ

2021-04-08 - බස්නාහිර පළාත් පිකට් උද්ඝෝෂණය කොළඹ දිස්ත‍්‍රික්කය සියලූ මධ්‍යම කාරක සභිකයින් ක‍්‍රියාකාරීන් හා පොදු දේපළ හා මානව හිමිකම් සුරැුකීමේ මධ්‍යස්ථානයේ සහයෝගයෙන්

2021-04-15 - සියලූ ශාඛාවල පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කිරිම

2021-04-22 - සියලූ රාජ්‍ය බැංකු සංකේත වැඩ වර්ජනය

2021-04-22 - පෞද්ගලික බැංකුවල විරෝධතා ලාංඡුන පැළඳීම

2021-04-29 - සියලූ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සංකේත වැඩ වර්ජනය

බැංකු පද්ධතිය තුළ කාර්මික සාමය බිඳ වැටීම තුළින් රටටත්, ජනතාවටත් අත්විය හැකි දුෂ්කරතාවන්හි වගකීම ගැටලූ විසඳීම කල්මරමින් සිටින සියලූ වගකිවයුතු බලධාරින් වෙත පැවරෙන බව අවධාරණය කරමු.