ණය බරෙන් මිදෙන්න රජයෙන් ණයක්

ණය බරෙන් මිදෙන්න රජයෙන් ණයක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට එම ණය ගෙවා දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
 
බොහෝ පිරිසක් පෞද්ගලික ආයතනවලින් 25% ක සහ 30%ක පොලියක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන ඇති අතර ලබා ගත් ණය මුදල ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට මේ වන විට ඔවුන් පත්ව ඇත.
 
එම නිසා අදාළ ණය මුදල පියවීමට දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ණයහිමියන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන අතර 6%ක පොලියක් සමග ණයකරු එම මුදල දිස්ත්‍රික් ලේකම්වරයාට වාරික වශයෙන් ආපසු ගෙවිය යුතුය.
 
දිස්ත්‍රික් ලේකම්වරයා රුපියල් ලක්ෂයක මුදල ණයකරු අතට නොදී ණය ලබා දුන් ආයතනය වෙත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් පියවීම සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
 
රුපියල් ලක්ෂයේ මෙම ණය සීමාව ඊට වඩා පුළුල් කිරීම සඳහා ජනාධිපති ලේකම්, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමග ලබන සතියේ සාකච්ඡාවක් කිරීමට නියමිත බවද  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.