ස්ථීර පත්වීම් ලැබීමට අපේක්ෂිත අභ්‍යාසලාභීන්ගේ නාමලේඛනයක් පිටවෙයි -මෙන්න නිවේදනය

ස්ථීර පත්වීම් ලැබීමට අපේක්ෂිත අභ්‍යාසලාභීන්ගේ නාමලේඛනයක් පිටවෙයි -මෙන්න නිවේදනය
සංවර්ධන නිලධාරි සේවයේ III ශ්රේණියේ තනතුරකට පත් කිරීම-2021
 
2019.08.01 දින හා 2019.09.16 දිනැතිව අභ්යාසලාභී පුහුණුව සඳහා බඳවා ගන්නා ලදුව පළාත් සභාවක් යටතේ වන ආයතනවල පුහුණුව ලද උපාධිධාරී අභ්යාසලාභීන් අතුරින් වෙනත් පළාත් සභාවක් යටතේ පවතින පළාත් රාජ්ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරු පුරප්පාඩු සඳහා අනුයුක්ත වීමට මනාපය පළ කරන ලද අභ්යාසලාභීන්ගේ හා ඒකාබද්ධ සේවය යටතේ ස්ථීර පත්වීම් ලැබීමට අපේක්ෂිත අභ්යාසලාභීන්ගේ නාමලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් පහත පරිදි ඉදිරිපත්කර තිබේ.
 
එම අභ්යාසලාභීන්ගේ සුදුසුකම් පරීක්ෂා කොට ස්ථීර පත්වීම් ලබා දීමේ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ලිපිගොනු අදාළ පළාත් සභා ප්රධාන ලේකම්වරුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වමි. එසේම ඒකාබද්ධ සේවය යටතේ සංවර්ධන නිලධාරී සේවයේ පත්වීම් ලැබීමට අපේක්ෂිත අභ්යාසලාභීන්ගේ සම්බන්ධයෙන් මවිසින් ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
 
එස්.ආලෝකබණ්ඩාර

ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්

1

2

3