ලංකා බැංකු සේවක සංගමය අද දහවල් ලෙක්හවුස් වටරවුමේ

cbeu-protest

ලංකා බැංකු සේවක සංගමය ඇතුළු පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන විරෝධතාවය අද(08) දින ලෙක්හවුස් වටරවුම දී දහවල් 12.30 ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

  • 1996 න් පසු රාජ්‍ය බැංකුවලට බැඳුණු සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් සංශෝධනය නොකිරීම,
  • දැනට කිසිදු විශ‍්‍රාම වැටුපක් නොමැති බැංකුවල සේවකයින්ට විශ‍්‍රාම වැටුපක් ස්ථාපනය නොකිරීම,
  • බැංකුවලට බඳවාගන්නා නවක සේවකයින්ගේ පුහුණු කාලය වසර 02 කට පසු ස්ථිර නොකිරීමට, සම්බන්ධයෙන් මෙම විරෝධතාවය පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.