ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් ලක්ෂයේ පනී

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් ලක්ෂයේ පනී

රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාධිතයින් සංඛ්‍යාව 103.640ක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සංඛ්‍යාලේඛණ වලට අනූව 2021.04.03 දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් නිකුත් කරණු ලබන නිල වාර්ථාවන්ට අනූව ශ්‍රී ලංකාව තුල කොවිඩ් අසාධිතයින් ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ 96,000ක පමණ ප්‍රමාණයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ මාස අටක පමණ කාලයක් තිස්සේ එලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශ නිල දත්ත අතර පරස්පරයක් පවතින නමුත්, ඒ පිළිබඳ නිවැරදි කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බවයි.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ,

‘‘එසේම මෙකී නිල දත්ත පරස්පරය මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් වසංගතය පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත පිළිබඳව පටලැවිල්ලක සිටින බවය. ඒ හේතුව නිසාම ඒ මත පදනම්ව සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක නොවන, හුදු ප්‍රකාශ පමණක් බවට පත් විය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙස අප සෞඛ්‍ය අමාත්‍ය වරියගෙන් ඉල්ලා සිටිමු.

වසංගතය පැතිරී වසරකට අධික කාලයක් ගත වී තිබියදී පවා, වසංගතයට අදාලා දත්ත නියාමනය කිරීම සඳහා නිශ්චිත “තොරතුරු කලමනාකරණ පද්ධතියක්” ස්ථාපිත කර ගැනීමට වසංගත රෝග අංශයට නොහැකිවීම බරපතල නොසලකා හැරීමකි‘‘