අසේල සම්පත්ට ඇප

අසේල සම්පත්ට ඇප

අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවු අවස්ථාවේදී ය.

මිට වසර දෙකකට පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරියට බලහත්කාරයෙන් ඇතුලුවිමේ චෝදනාව මත ඔහුව පසුගිය 13දා අත්අඩංගුවට ගෙන අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.