සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපඳින්න -නීති කැඩුවොත් දැඩි දඬුවම්

සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපඳින්න -නීති කැඩුවොත් දැඩි දඬුවම්
වර්තමානය වනවිට මෙරට කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපැඳීමේ වැදගත්කම ගැන පොලිස්පතිවරයා විසින් සඳහන් කර තිබේ.
 
ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
කොවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.