වාතයේ තිබෙන වෛරස විනාශ කිරීමට ක්‍රම තිබෙනවාද?

වාතයේ තිබෙන වෛරස විනාශ කිරීමට ක්‍රම තිබෙනවාද?

වාතය මගින් හෝ බිදිති මගින් අවට වාතයේ රැඳෙන වෛරස විනාශ කිරීමට භාවිතා වන සුළභ ක්‍රම තුනක් හදුනා ගත හැකියි.

පාරජම්බුල විෂබීජ ප්‍රකිරණය (සාමාන්‍යයෙන් UVGI ලෙස හැඳින්වේ). විශේෂයෙන් සැකසූ HEPA ෆිල්ටර ක්‍රමය ඉන් තව එකක්. වායු විෂබීජ නාශක යොදවා ගැනීම තවත් ක්‍රමයක් ලෙස ක්‍රියත්මක වෙනවා.

වාතයෙන් පැතිරෙන ක්ෂය රෝගය වැනි වඩාත් දරුණු බැක්ටීරියා ආසාදන වලදී පවා ඉහල කාර්‍යක්ෂමතාවයක් තහවුරු කර ඇති, වායු විෂබීජ නාශක ඒකකවල භාවිතාකර නිර්මාණය කර ඇති වායු පිරිසිදු කිරීම් ඒකක (Air Disinfectors), කොවිඩ් ආරම්භ වූ මුල් වකවානුවේම, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වාතාශ්‍රයක් නොමැති තදබද සහ අධි අවදානම් සහිත ප්‍රදේශවලට හදුන්වලා දුන්නා.

මෙවැනි යන්ත්‍රවල භාවිතාව සහ අවශ්‍යතාවය, පසුගිය සැප්තැම්බර මාසයේදි අපි ජනාධිපතිවරයාව පවා ලිඛිතව දැනුවත් කලා. කොවිඩ් වාතයෙන් බෝ වුණත්, නැතත් රසායනාගාර වල සහ කොව්ඩ් වාට්ටු වැනි ස්ථානවල වෛරස සාන්ද්‍රණය අඩු කරන්න මෙවැනි ක්‍රමයක් ඉතා අත්‍යාවශ්‍යයි කියන එක තමයි අපි එමගින් තාක්ෂණිකව පෙන්වලා දුන්නේ.

වායු විෂබීජ විනාශ කිරීම සදහා භාවිත වන ඉහත ක්‍රම තුනම ක්‍රියාත්මක වන, වායු පවිත්‍රකාරක පවා නිර්මාණය වෙලා තිබෙන නිසා, එයාර්බෝන් කියන එක මන්තරයක් වගේ කියමින් ඉන්නවාට වඩා, මෙවැනි විකල්ප සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි.

රවි කුමුදේස්