ඔබ සිටින ප්‍රදේශයද හුදෙකළා විය හැකියි -සැලකිල්ලෙන් සිටින්න

ඔබ සිටින ප්‍රදේශයද හුදෙකළා විය හැකියි -සැලකිල්ලෙන් සිටින්න
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
 

වර්තමානයේ රටතුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් ඊට මුහුණ දීමට ජනතාව සූදානම් විය යුතු බවත් හමුදාපතිවරයා සඳහන් කළේය.

මින් පෙර අවස්ථාවලදී පෙර දැනුම්දීමක් සිදුකර හුදෙකලා කිරීම් සිදුකළද අදවනවිට කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම අවදානම් මට්ටමකට පැමිණ ඇති බැවින් කල් ලබාඩීමකින් තොරවම හුදෙක්ලා කිරීම් සිදුකිරීමට සිදුවන බව අවධාරණය කළේය.


කෙසේ නමුත් රටම ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් නැති බවද ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.